රජරට විශ්වවිද්‍යාලයේ ව්‍යවහාරික විද්‍යාපීඨයේ පළමු වසරේ ඉගෙනුම ලබන ළහිරු ගෝමස් සිසුවා විසින් COVID-19 රෝගයෙන් අරක්ෂා වීම සදහා නව නිපැයුමක් ඉදිරිපත්කර තියෙනවා.
විෂබීජ නාශක මිනි රෝහල [COVID 19 ආරක්ෂණ පද්ධතිය]


පරිගණකය හඳුන්වාදීමත් සමඟ ලෝකය ගොඩක් වෙනස් වෙලා තියෙනවා. විවිධ දෙපාර්තමේන්තු ගණනාවක අද තොරතුරු තාක්ෂණය භාවිතා කරනවා. මෙම තාක්ෂණික යෝජනාව මගින් ලොව පුරා වේගයෙන් ව්‍යාප්ත වන කොරෝනා රෝගයෙන් රට ආරක්ෂා කරගැනීම සදහා රටට ආරක්ෂිත පද්ධතියක් ගෙන ඒම පිළිබඳව සඳහන් වෙනවා. රටේ වර්තමාන තත්ත්වය සලකන විට මෙම විෂබීජ නාශක යන්ත්‍රය මඟින් රෝගය පැතිරීම නැවැත්වීමට සහ COVID 19 රෝගීන් සතු රෝග ලක්ශණ හඳුනා ගැනීමට පුලුවන්.. COVID 19 හි රෝග ලක්ෂණ වන්නේ ඉහළ ශරීර උෂ්ණත්වය, ඉතා ඉහළ / අඩු හෘද ස්පන්දන මට්ටම සහ අඩු සන්තෘප්ත මට්ටමයි. මෙම විෂබීජ නාශක පද්ධතියේ මෙම සියලු පද්ධති යාවත්කාලීන කර තියෙන නිසා අපට Covid 19 රෝගීන් හඳුනාගෙන මෙම රෝගය පැතිරීම වලක්වා ගන්න පුලුවන්.

යන්ත්‍රයේ ක්‍රියාවලිය / Disinfection Mini Hospital

පියවර 1

ඔබ විෂබීජ නාශක පද්ධතියේ පිවිසුම හරහා ගිය විට එය ස්වයංක්‍රීයව ඔබේ ශරීර උෂ්ණත්වය පරීක්ෂා කරනවා. ඔබේ ශරීර උෂ්ණත්වය ඉහළ මට්ටමක පවතී නම් අනතුරු ඇඟවීමකින් ඔබව හඳුනා ගන්නවා.

පියවර 2

ඔබේ ශරීර උෂ්ණත්වය පරීක්ෂා කල පසු, යන්ත්‍රය ස්වයංක්‍රීයව ඔබේ හෘද ස්පන්දන වේගය පරීක්ෂා කරනවා. ඔබගේ හෘද ස්පන්දන වේගය ඉහළ මට්ටමක පවතී නම් අනතුරු ඇඟවීමක් මඟින් ඔබව හඳුනා ගන්නවා.

පියවර 3

යන්ත්‍රය ස්වයංක්‍රීයව ඔබේ සන්තෘප්ත මට්ටම පරීක්ෂා කරනවා. එම මට්ටම පහල අගයක පවතී යන්ත්‍රය එය හඳුනා ගන්නවා.

පියවර 4

ඔබට කිසිම අනතුරු ඇගවීමක් නොමැති නම් ඔබට ඇතුලු වීමට ඉඩ දෙන අතර යන්ත්‍රය මගින් ඔබගේ මුලු ශරීරයම විශබීජ නාශක දියරයකින් විශබීජහරනය කරනවා.

විෂබීජ නාශක මිනි රෝහලක් තිබීමේ වාසි

1. ආරම්භයේදීම COVID 19 රෝගීන් සතු රෝග ලක්ශණ හඳුනා ගැනීමට හැකියාව ලැබෙනවා.
2. ඔබේ සමාගම් සේවකයින්, වෛද්‍යවරුන්, හෙදියන්, පොලිස් නිලධාරීන් සහ සමාජය COVID 19 වලින ආරක්ෂා කරගන්න හැකියාව ලැබෙනව.
3.වෛද්යවරයෙකු නොමැතිව පුද්ගලික සෞඛ්‍ය මට්ටම හඳුනා ගැනීමට හැකියාව ලැබෙනවා.
වසංගතයෙන් රටත් ලෝකයත් ආරක්ෂා කිරීම සදහා මෙවැනි නවෝත්පාදන දේශීයව නිපදවීම ශ්‍රී ලාංකිකයන් ලෙස අප ඉතාමත් සතුටට පත්විය යුතු කාරණයක්.මෙවැනි නිෂ්පාදන ඉදිරියටත් වැඩි වැඩියෙන් කිරීමට අපේ නිර්මාණකරුවන් දිරිගැන්වීමට අප කටයුතු කල යුතුයි.
නිපැයුම - Lahiru Gomez