වලයිච්චෙනායි කඩදාසි කම්හල යනු ශ්‍රී ලංකාවේ මඩකලපුව දිස්ත්‍රික්කයේ වලයිච්චෙනායි නගරයේ පිහිටි රජයේ කඩදාසි කම්හලකි. මෙම කම්හල ශ්‍රී ලංකාවේ ස්ථාපිත කරන ලද පළමු කඩදාසි කම්හල බව සැලකේ. වලයිච්චෙනායි කඩදාසි කම්හල 1955 දී ආරම්භ කරන ලද අතර එහි මුළු ආයෝජනය රුපියල් මිලියන 32 ක් පමණ වන අතර එය 1956 දී වාණිජ කටයුතු සඳහා ආරම්භ කරන ලදී. 1958 දී එය නැගෙනහිර කඩදාසි කම්හල් සංස්ථාව ලෙස නම් කරන ලදී. එකල මෙම කඩදාසි කම්හල නැගෙනහිර පළාතේ, විශේෂයෙන් මඩකලපුව දිස්ත්‍රික්කයේ විශාලතම කර්මාන්ත ශාලාව ලෙස සැලකේ.

ත්‍රස්තවාදී ගැටලු සමයේදී වසා දමා තිබු කම්හල
1970 දශකය තුළ කම්හලේ සේවකයින් 3,000 ක් පමණ සිටියහ. 1976 දී එය රජය සතු වූ අතර පසුව එය රාජ්‍ය ව්‍යාපාරයක් ලෙස ක්‍රියාත්මක විය. වලයිච්චෙනායි වෙතින් ජනනය කරන ලද මුදල් මගින් සිදු කරන ලද පුළුල් කිරීමේ වැඩසටහනත් සමඟ 1976 දී ඇඹිලිපිටියේ දෙවන කඩදාසි කම්හලක් ආරම්භ කරන ලදී. මෙම රාජ්‍ය සමාගම් දෙක රටේ මුළු කඩදාසි ඉල්ලුමෙන් 70% ක් තෘප්තිමත් කළේය. නැගෙනහිර කඩදාසි කම්හල් සංස්ථාවේ නම පසුව ජාතික කඩදාසි සංස්ථාව (National Paper Coorporation - NPL) ලෙස වෙනස් කරන ලදී.
ජාතික කඩදාසි සංස්ථාව 1992.07.01 දින සිට වගකීම් සීමිත සමාගමක් බවට පරිවර්තනය කරන ලද අතර 1992 අංක 17 දරණ සමාගම පනත යටතේ ජාතික කඩදාසි සමාගම (NPCL) ලෙස සංස්ථාගත කරන ලදී. NPCL වෙළඳපල ප්‍රමුඛයා වූ අතර විවෘත වෙළඳපල ප්‍රතිපත්තිය ක්‍රියාත්මක කරන තෙක් වෙළඳපල කොටස් වලින් වැඩි ප්‍රමාණයක් ඔවුන් සතුව තිබින.නමුත් 1994 දී වීවෘත ආර්ථික ප්‍රතිපත්තිය සහ කඩදාසි සහ බෝඩ් ආනයනය කිරීම සඳහා වූ 35% ක තීරුබදු ඉවත් කිරීම නරක අතට හරිම නිසා ලාභය පහත වැටීමට පටන් ගත්තේය. කඩදාසි කම්හල ඉවත් කිරීමට තවත් එක් හේතුවක් වූයේ යුධ වාතාවරණය ය. එහෙත් දැන් දේශීය කර්මාන්තයේ දියුණුව සඳහා වන ප්‍රතිපත්ති පිළිබඳව නැවත සිතා බැලීමට හා වෙනස් කිරීමටත්, සෘජුවම රැකියාවල නියුතු පවුල් 300 කට ආසන්න සංඛ්‍යාවක් බේරා ගැනීමටත්, වක්‍රව සේවයේ නියුතු 200 ක් පමණ පිරිස එකතුකර ගැනීමට කාලය එලබ ඈත. එමගින් දළ දේශීය නිෂ්පාදිතයට විශාල දායකත්වයක් රටට ලබා ගත හැක.







වැඩි දුර තොරතුරු සදහා - National Paper Company Limited

මතක ඇතුව පේජ් එකට Like එකක් දාන්න.