මේක විශේෂ වැවක්. මේකට කියන්නේ සොරබොර වැව කියලා. මේක තියෙන්නේ මහියංගනයේ ඉඳලා ගිරාදුරුකෝට්ටේ පාරේ ගියාම. මේ වැවේ තියෙන විශේෂත්වය තමයි ලංකාවේ අනිත් කිසිම වැවක නැති විදිහට ස්වාභාවික ගල් පර්වතයක් හිතාගන්න බැරි විදිහට දෙපළු කරලා කළු ගල් උණු කරා හදපු සොරොව්වක් මේ වැවේ පිහිටීම. 


මේ වැව හැදුවා කියල කියන්නේ බුලතා කියලා යෝධයෙක්. එයාට බුලතා කියන්නේ දුටුගැමුණු රජතුමාට මහියංගණය චෛත්‍ය හදන කාලේ බුලත්විට හදලා දුන්නේ මේ යෝධයා නිසා. දුටුගැමුනු රජතුමා දවසකට බුලත් වේල් 7ක් කනවා. මේ බුලත් වේල් අතර තුර ලැබෙ විරාමයේ බුලතා කරන්නේ අවට වට පිටාවේ ඇවිදින එක. මෙහෙම ඇවිදගෙන යද්දි බුලතා දකිනවා ගල් කඳු දෙකක් අතර තිබුණු පහත් බිමක්. සහ ඒ මැදින් ගලන දොළ පාරක් තියෙනවා.  බුලතා හිතනවා ගල් කඳු දෙක අතර බැම්මක් බැන්දොත් වැවක් හදන්න පුලුවන් කියලා. පස්සේ බුලතා වැඩේට අතගහනවා. බුලත් මෙහෙය කරලා  විවේක ලැබෙන අතර බුලතා ඇවිල්ලා ටිකන් ටික පස් පුරවලා වැව් බැම්ම බඳිනවා.ජනප්‍රවාද කියන්නේ බුලතා මේකට විශාල උදැල්ලක් පාවිච්චි කලා කියලා. සාමාන්‍ය මිනිස්සු 20 කට වත් උස්සන්න බැරි කූඩයකින් පස් ඇද්දා කියලා.


මෙහෙම පස් පුරවලා ටිකින් ටික වැව හැදෙනකොට බුලතා හිතුවා සොරොව්වක් දාන්න. ඒකට වැවේ කෙළවර තිබුන විශාල පර්වතය පාවිච්චි කරන බුලතා වැව් ඉස්මත්තේ තිබුන රහස් ඖෂධවල මුල් , පොතු, කොළ මල් අරං ඒකට අඹරලා ගලේ ගාලා ගල මෙලෙක් කරලා ඒක කපලා සොරොව්ව හැදුවා කියලයි කියන්නේ.  මේ සොරොව්වට ඇතුළු පැත්තේ  අදටත් දකින්න තියෙන හරි හතරැස් ගල් කුට්ටි වලින් දටත් අපිට කියන්න පුලුවන් බුලතා ගල් පර්වත උණු කරන්න ඇති කියලා.  මේ වැඩේට පස්සේ බුලතාගේ බිරිඳත් සම්බන්ධ වෙලා තියෙනවා.


පස්ස් මහියංගනය චෛත්‍යයේ වැඩ ඉවර වෙනකොටම මේ වැවේත් වැඩ ඉවරවෙලා තියෙනවා. පස්සේ මේ වැඩේ දැකලා පැහැදුනු රජතුමා මේක බොහෝම හරබර වැඩක් කියපු නිසා මේ වැවට මුල් කාලේ හරබර වැව කියලා පස්සේ කාලේ සොරබොර වැව වුණා කියලා තමයි කියන්නේ






මේ බුලතාගේ වික්‍රමය අදටත් ඇස් දෙකින් බලාගන්න පුළුවන් සොරබොර වැව බලන්න ගියොත්.

ඔබේ අදහස් අපත් සමග බෙදාගන්න. පේජ් එකටත් Like එකක් දාගෙනම යන්න.