සොයා ගත හැකි වුන තහවුරු කල නවතම දත්ත 2018 වසරට අදාලව.
මිරිස් වගා බිම් ප්‍රමාණය හෙක්ටයාර 13,553.
අස්වැන්න ටොන් 79,003.
අක්කරයක අස්වනු සාමාන්‍ය ටොන් 5830.
අක්කරයක සාමාන්‍ය වියදම රු. 257,275.
ඒ කියන්නේ එක කිලෝ එකක නිෂ්පාදන වියදම ආසන්නව රු. 63ක්
මිරිස් කිලෝ එකක ගැනුම් මිල සාමාන්‍ය රු. 209
අපේ රටේ වාර්ෂික අමු මිරිස් අවශ්‍යතාව ටොන් 63,000 ක්.
සමස්තයක් විදියට ගත්තම අමු මිරිස් අවශ්‍යතාව අපි රට ඇතුළෙම සපුරාගෙන තියෙනවා.
නමුත් ගැටලුව තියෙන්නේ වියලි මිරිස් වල. වාර්ෂිකව අපේ අවශ්‍යතාවය ටොන් 60,000ක් විතර වෙනවා. අපේ නිෂ්පාදනය ප්‍රමාණවත් නැති නිසා 2018 වසරේදී විතරක් වියලි මිරිස් ටොන් 52,849 ක් ගෙන්නලා තියෙනවා. මේ වෙනුවෙන් ගිය ආනයනික වියදම රු. 11,179,845,000 ක්. කිලෝ එකකට ආසන්න වශයෙන් රු.211ක්.
මේ ප්‍රමාණයත් අපේ රටේ නිෂ්පාදනය කරන්න අවශ්‍ය නම්, තවත් අක්කර 34,000ක් පමණ මිරිස් වගා කරන්න වෙනවා( දෙමුහුම් වගා කරනවා නම් අක්කර 20,000ක් ප්‍රමාණවත්). මේ යෝජනාවට එල්ල වෙන මි ළඟ ප්රශ්නය "අපේ රටේ වගා කරන මිරිස් සැර අඩුද?, වියලි මිරිස් සැකසුමට සුදුසු නැද්ද? නිෂ්පාදන වියදම වැඩියි. එතකොට වියලි මිරිස් කිලෝ එකක නිෂ්පාදන වියදම 400ක් විතර වෙයි. පාරිභෝගිකයා අතට යද්දී ගිනි ගණන් වෙයි " කියන එක. දැන් ඉතින් එහෙම කියල බෑ. දන්නා සෙල්ලම් ඔක්කොම දාල COP එක, ඒ කියන්නේ නිෂ්පාදන වියදම අඩු කරන්න ඕනේ. නවීන තාක්ෂණික දැනුමෙන් ගොවීන් යාවත් කාලින වීම සහ ඒවා පිලි පැදීම කල යුතුයි. ක්ෂුද්‍ර ජල සම්පාදන ක්‍රම, දෙමුහුම් ප්‍රභේද වගා කිරීම, සැර බැවින් වැඩි ප්‍රභේද වියලි මිරිස් සඳහා වගා කිරීම,නිවැරදි රෝග පාලන ක්‍රම අනුගමනය. මේ අතරින් ප්‍රධානයි. වියදම් අවම කරන ගමන් ඒකක භුමි ප්‍රමාණයක උපරිම අස්වැන්නකට අවශ්‍ය තාක්ෂනය පිළිපැදීම අත්‍යවශ්‍යයි. නැතිව ඔහේ වවල අන්තිමට යන වියදම බලල ඒ අනුව විකුණුම් මිල තීරණය කලොත් හැමෝම අමාරුවේ.
මේ ඔක්කොම කතා අස්සේ නිකමට බැලුව අවුරුදු ගණනාවකට කලින් තත්වය මොන වගේද කියල.
වර්ෂය 1984.
මිරිස් වගා බිම් ප්‍රමාණය අක්කර 37,000ක්.
නිෂ්පාදනය ටොන් 44,900 ක්.
ඒ කියන්නේ ඒ වෙද්දී අපේ සම්පුර්ණ අමු මිරිස් සහ වියලි මිරිස් අවශ්‍යතාව අපි රට තුලම නිෂ්පාදනය කරගෙන. එක කරලක් වත් රටින් ගෙනත් නැහැ.
උපුටා ගැනීම - "අස්වැන්න"
Post a Comment
Post a Comment