අපේ ලංකාවේ වාර්ෂික සීනි පරිභෝජනය මෙට්‍රික් ටොන් 665,000 ක් වැනි විශාල ප්‍රමාණයක්. ඒ වගේම වාර්ෂික ඒකපුද්ගල සීනි පරිභෝජනය කිලෝ ග්‍රැම් 30.26 ක ප්‍රමාණයක්. එතකොට මේ සමස්ත අවශ්‍යතාවයෙන් දේශීය නිශ්පාදනය 7.7% ක් වැනි කුඩා ප්‍රමාණයක් පමණයි. ඒ කියන්නේ මෙරට සමස්ත වාර්ෂික සීනි නිශ්පාදනය මෙට්‍රික් ටොන් 51 205 ක් වැනි ප්‍රමාණයක්. මේ සමස්ත නිශ්පාදනයෙන් 80% ක දායකත්වයක් දරන්නේ ලංකා සීනි සමාගමයි. ලංකා සීනි සමාගම සතුව පැල්වත්ත සහ සෙවනගල යන කර්මාන්ත ශාලා පවතිනවා.. ඒ වගේම ලංකාවේ විශාලතම සීනි නිශ්පාදනය කරන කර්මාන්ත ශාලාව ලෙස පැල්වත්ත සීනි කර්මාන්ත ශාලාව හදුන්වන්න පුලුවන්..පැල්වත්ත ඒකකයේ ශ්‍රම බලකාය හාරදහසකට ආසන්නයි. ඒ වගේම පැල්වත්ත සතුව උක්වගා බිම් ප්‍රමාණය හෙක්ටයාර 10 500 කට ආසන්නයි. සෙවනගල ශ්‍රම බලකාය දහසකට ආසන්න වන අතර සමස්ත වගා බිම් ප්‍රමාණය හෙක්ටයාර හාරදහස් දෙසීයයක් පමණ වනවා. දත්ත අනුව සෙවනගල සීනි කර්මාන්ත ශාලාව මගින් 2017 වසරේ නිශ්පාදිත සීනි ප්‍රමාණය මෙට්‍රික් ටොන් 14 630 ක්.. එය මෙරට අවශ්‍යතාවයෙන් 2.2% ප්‍රමාණයක්..පැල්වත්තේ දායකත්වය සමස්ත රටේ සීනි අවශ්‍යතාවයෙන් 4% කට ආසන්න වෙනවා.

උක් සීනි නිශ්පාදන ක්‍රියාවලිය රසායන ඉංජිනේරු ක්‍රියාවලියක්..Multi Effect Evaporation, Crystallization, Centrifugal Separation, Crushing, Filtration, Mill Process, Clarification, Drying, Screening etc. වැනි මූලධර්ම (Unit Operations) බොහෝමයක් එහි අන්තර්ගතයි. සාමන්යෙන් අපේ රටේ පවතින උක් ප්‍රභේද වලින් උක් ගස් ටොන් එකකින් සීනි කිලෝ 80 ක් නිපදවන්න පුලුවන්...නමුත් මේ උක් ගසේ කිසිවක් ඉවත දමන්නේ නෑ.. නිපදවෙන බැගෑස් බොයිලේරුවේ ඉන්ධනයක් ලෙස යොදා ගැනීමෙන් කර්මාන්ත ශාලාවට මෙන්ම අවට වටපිටාවට අවශ්‍ය විදුලිය හුමාල ටර්බයින සහ විදුලි ජනන යන්ත්‍ර මගින් නිපදවනවා.පැල්වත්ත සීනි කර්මාන්ත ශාලාවේ පිහිටා ඇති බොයිලෙරුව ලංකාවේ ඇති බොයිලෙරු අතර විශාලතම එකක්. ඒ වගේම සීනි නිශ්පාදනයේදී සෑදෙන මොලෑසස් වලින් එතනොල් නිපදවා ගැනීම සිදු කරනවා..මෙසේ දිනකට පැල්වත්තේදී පමණක් එතනෝල් ලීටර් 25,000 ත් 27000 ත් අතර ප්‍රමාණයක් නිපදවෙනවා.

(Palawatta Factory)

 පහුගිය කාල වකවානුවල මේ එතනෝල් නිශ්පාදනය සිදු කලේ නැහැ... බොහෝමයක් එතනෝල් පිට රටිනුයි මෙරටට ගෙන්වූයේ.. ඒ කාලය තුල ලංකා සීනි සමාගම තම එතනොල් සාධාරණ මිලකට විකුණාගත නොහැකිව දැඩි අර්බුධකාරී වාතාවරණයකට මුහුණදුන්නා...දැනගන්න ලැබුණු විදියට එතනෝල් ලීටරයක් රුපියල් 275 ක් වැනි මුදලකටයි ඔවුන් කලින් අලෙවි කලේ... නමුත් මේ වසරේ ජනවාරි පලමු වෙනිදා සිට එතනොල් රටින් ගෙන්වීම තහනම් වීමත් සමගම පැල්වත්ත හා සෙවනගල ඒකක වල එතනෝල් වලට දැඩි ඉල්ලුමක් පවතිනවා...මේ දැඩි ඉල්ලුම නිසා එතනෝල් ලීටරයක මිල රු 500 කට අලෙවි වූ බව දැනගන්නට ලැබුණා. මේ දවස් වල පැල්වත්ත කර්මාන්ත ශාලාව යකෙක් වගේ වැඩ. ඒ අපේ රටට අවශ්‍ය කරන සීනි හා එතනෝල් නිශ්පාදනය කිරීමට.

(Sewanagala Factory)


මේ සෑදෙන එතනෝල් ලෝකයේ විශිෂ්ටතම වර්ගයේ එතනොල් ප්‍රභේදයක් ලෙස සලකන්න පුලුවන්... මෙහිදී 96.4 % එතනෝල් නිපදවා ගන්නවා. මෙය ඇසියෝට්‍රෝපික මිශ්‍රණයක් වන අතර තව දුරටත් භාගික ආසවනය කිරීමෙන් සාන්ද්‍ර කර ගැනීමේ හැකියාවක් නැහැ...
මේ තියෙන්නේ ඉස්තරම්ම දුඹුරු සීනි. සල්ෆර් ඩයොක්සයිඩ් භාවිතා කර විරන්ජනයෙන් සුදු සීනි නිපදවීම කිසිදා ලංකා සීනි සමාගම සිදු කරන්නේ නෑ... ඒ ඔබට ස්තරම්ම කැට දුඹුරු සීනි ඔබ වෙත ලබා දීමටයි. 2020 වන විට ලංකා සීනි සමාගමේ දැඩි අරමුණ රටේ අවශ්‍යතාවයෙන් 15% ක ප්‍රමාණයක් මෙටර නිශ්පාදන කිරීමට වෑයම් කිරීමයි.